simple hit counter නායයාමෙන් මැරණු දැරියක් යළි ඉපදී කළ හෙළිදරව්ව - Hirugossiplanka.com

නායයාමෙන් මැරණු දැරියක් යළි ඉපදී කළ හෙළිදරව්ව

පුණර්භව අනාවරන අතරින් බොහෝ සිද්ධීන් වලදීපෙර භවයේ මරණයට පත්ව දෙවසරකට වඩා අඩු කාලයකින් නැවත යලි උපතක් ලබා ඇති බවයි අනාවරණ වන්නේ.එහෙත් ඊට වඩා දීර්ග කාලයකට පසු නැවත උපතක් ලබා එය අනාවරණ කල විෂ්මිත සිදුවීමක් පිලිබද මෙරටින් වාර්ථා වී තිබෙනවා.1980 වසරේ කුලියාපිටිය ප්‍රදේශයේ උපත ලද සුභාෂිනී නම් දැරියක් නිරන්තරයෙන්ම වැසි සහිත අවස්ථාවන්ට අසාමාන්‍ය බියක් දක්වා තිබුණා.ඒ සම්බන්දයෙන් දෙමව්පියන් වැඩි සැලකිල්ලක් දක්වා තිබූ බවයි සදහන් වන්නේ.වැසි අවස්ථාවල නොනවත්වා හඩන දැරියගෙන් දෙමාපියන් හේතුව විමසූ විට ඇය ප්‍රකාශ කර තිබුණේ මව නිවසේ උයමින් සිටියදී සොයුරා වෙලදසැලක් කරා පිටව ගිය බවයි.එහිදී එක්වරම කන්දක් නාය යාමෙන් පවුලේ සාමාජිකයන් 5දෙනෙකු තමන් සමගම ඊට යට වී මියගිය බවයි දැරිය අසාමාන්‍ය ලෙස ප්‍රකාශ කර තිබුණේ.සිංහපිටිය ප්‍රදේශයේ සිය නිවස පිහිටා තිබූ බවත් වැඩිහිටියන් තේ දලු නෙලීමෙන් පවුලේ අදායම සොයාගත් බවත් ඇය සදහන් කර තිබුණා.දිනක් ගම්පොල ප්‍රදේශයේ මංගල උත්සවයක් සදහා සුභාෂිනී නම් මෙම දැරිය ගෙන ගිය අවස්ථාවේ දැරියගේ ප්‍රකාශයක් ඇසූ ඤාතියෙකු පවසා තිබුනේ ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේ කලට පෙර නාය යාමක් සිදු වූ බවයි.ඒ අනුව දෙමාපියන් දැරිය එම ප්‍රදේශයට ගෙන ගොස් තිබූ අතර දුරදීම කදු දුටු දැරිය හඩන්නට වී තිබුණේ තමන් එහි යලි සිරවනු ඇති බැවින් වහා එම ස්ථානයෙන් ඉවතට ගෙන යන ලෙසයි.පසුව පුණර්භ පර්යේශණ සිදු කරන වර්ජිනියා සරසවියේ මහාචාර්ය ඉයන් ස්ටීවන්ස් ඇතුළු කන්ඩායමක් මෙරටට පැමිණි අවස්ථාවේ මෙම දැරිය හමු වී පර්යේශණය සදහා එක් කරගෙන තිබුණා.ඒ අනුව අණාවරණ කරගැනුනේ 1977 වසරේ සිදු වූ නාය යාමකින් එකම පවුලේ 5දෙනෙකු මිය යාම සම්බන්දයෙන් මෙම දැරිය සිදු කරන ප්‍රකාශ සියයට සියයක්ම ගැලපෙන බවයි.එම නාය යාමෙන් මියගිය පිරිස වතු කම්කරුවන් වූ අතර දැරිය පවුලේ සාමාජිකයන් නම් කල ආකාරයද ඉතා නිවැරදි වුණා.එසේම කුලියාපිටිය ප්‍රදේශයේ නායයෑම් සිදු නොවන බැවින් දැරිය නාය යෑම් යනු කවරක්දැයි දැන නොසිටීම මෙම අනාවරනයේ විශ්වාසනීයත්වය තහවුරු කරන සාදකයක් බවයි හදුනා ගැනුනේ.මේ අතර නාය යාමෙන් ජීවිතය බේරාගත් පවුලේ එකම සාමාජිකයා වෙත දැරිය ගෙන ගොස් තිබූ අතර එහිදී සෙනෙහසින් ඔහු වැලදගත් දැරිය ඔහු තම සොහොයුරා බව ප්‍රකාශ කර තිබුණා.ඔහු නාය යාම සිදුවන අවස්ථාවේ වෙලද සැලක් වෙත ගොස් සිටි නිසා ජීවිතය බේරාගත් බවයි දැරිය ප්‍රකාශ කර තිබුණේ.එම ප්‍රකාශය දැරිය සොහොයුරා ලෙසින් හදුනා ගත් තැනැත්තා විසින්ද සනාථ කර තිබුණා.මෙහි දී දැරියගේ භව දෙක අතර වෙනස අවුරුදු 3ක් වූ අතර උපන් ස්ථාන දෙක අතර වෙනස කිලෝමීටර 100ක් ලෙසයි සැලකෙන්නේ.ඒ අනුව බිහිසුණු ඛේදවාචක වලින් සිදුවන මරණ වලට මුහුණ පාන පුදගලයන්ගේ පෙර භව වල අනාවරන අනුව ඔවුන්ට යලි උපතක් ලැබීමට ගත වන කාලය දීර්ග බවටයි පර්යේශකයන් සිය නිගමන වලින් දක්වා ඇත්තේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *