simple hit counter සද්දන්තයන්ගෙන් වැදුම් පිදුම් ලබන විශේෂිත ගස - Hirugossiplanka.com

සද්දන්තයන්ගෙන් වැදුම් පිදුම් ලබන විශේෂිත ගස

අලි ඇතුන් යනු ගොඩබිම වෙසෙන දැවැන්තයන් වනවා.එවන් සද්දන්තයන්ගෙන් වැදුම් පිදුම් ලබන විශේෂිත ගසක් අප රට තුලද පවතින බව ඔබ මෙතෙක් අසා තිබුණාද?එය විශ්මිත ඖශදීය ගුනයකින් මෙන්ම ඩුර්ලබ වටිනා ශාකයක් ලෙසින්ද සැලකෙන ගජමදාරා ශාකයයි.දෙව් ලොවින් ගෙන එන ලද ශාකයක් බවට නම් කෙරෙන ගජ මදාරා ශාකය සහ එහි පුෂ්ප පිලිබද සැලලිහිණි සංදේශයේ පවා දැක්වෙනවා.එම සංදේශයේ 25වන කවියෙන් කියවෙන්නේ මදාරා මල් දෙවු ලොව පිපෙන පරසතු මල් හා සමුවන බවයි.කුඩා ගසක් වන ගජමදාරා ගස සුදුපාට කෙදි වැටී ගිය අගල් කාලක් පමණ ඝනකමින් යුතු කලුපාට පොතු වලින් යුක්ත වනවා.රත් හදුන් කොල වලට සමාන පත්‍ර සහිත මෙම ගසට කිසිදු සත්වයෙකු ලං නොවන අතර එයද විශේශත්වයක් වනවා.විශේෂයෙන් වන අලින් මෙම ගස හමුවට නො එන අතර එම ගසක් හමු වුවහොත් වහා ඉවත්ව හැරී යන බවද ශාක්ශි සහිතව තහවුරු කරගත් සාදකයක් වනවා.ඉන්දියාවේ බිහාර් මද්‍යම හා දක්ෂින ජනපදයේ මදාරා ගස් දැකගත හැකි වන අතර ලංකාවේ ස්ථාන කිහිපයක පමනයි එය දැකගත හැකි වන්නේ.ඉන්දියාවේ ඇති මදාරා ගස් වලට සමාන මදාරා ගස් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෙද බිමේ ඇති අතර රත්නපුර මාරපන පිරිවෙනේ රත්නපුරේ ජාතික කෞතුකාගාර බිමේ මෙන්ම පේරාදෙනිය ජාතික උද්හිත උද්‍යානය තුලද මෙම ගජමදාරා ගස් දැකගත හැකියි.මෙරට ඉතිහාසයට අනුව බුද්ධදාස රජු විසින් නේපාලයෙන් ගජ මදාරා ගස් කිහිපයක් ගෙන්වා රෝපණය කල බවත් ඒවා රාජකීය වස්තුවක් ලෙස ආරක්ෂා කල බවත් දැක්වෙනවා.රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට වසමෙහි පිහිටි කෝන් ගහ මංකඩ බුද්ධදාස රජු විසින් රෝපණය කල ගජමදාරා ගසක් තිබූ බවත් ඉංග්‍රීසි පාලන සමයේද එයට විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ බවත් දැක්වෙනවා.තවද මෙයට සමකාලීනව තවත් මදාරා ගසක් අම්බේගමුව පුරාන රජමහා විහාරයේ ඇති බව ප්‍රකාෂිතයි.අතීතයේදී මදාරා ලීයේන් කල බස්තම් එකල ප්‍රභූන් භාවිතා කර තිබුණා.පනාමුරේ ඇත්ගාලට හිමිකම් කියූ ඇලපාත මුදලි මෙවන් බස්තමක් පාවිච්චි කර ඇති අතර එයින් අලි ඇතුන් මෙල්ල කල බවද පැවසෙනවා.එම බස්තම අදටත් ඔහුගේ ඤාතියෙකු වන පුද්ගලයෙකු සතුව පවතින බව කියවෙනවා.අතීතයේ රට පාලනය කල සිංහල රජවරුන් කඩු කිනිසි ආදිය සකස් කරවා ගැනීමේදී ගජමදාරා ලී යොදාගත් බවත් එහි ඇති විශ්මිත බලය නිසා යුද්ධ ජය ගත හැකි බවටත් ප්‍රකාෂ වනවා.අද වනවිට ප්‍රබල ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටලුවට ගජමදාරා ගස හැර වෙනත් විකල්පයක් නොමැති බවයි සදහන් වන්නේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *