simple hit counter ගමකට ජලය ගෙනගිය විෂ්මිත මිනිසා - Hirugossiplanka.com

ගමකට ජලය ගෙනගිය විෂ්මිත මිනිසා

අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව සියළුම පුද්ගලයන් සතු නොවුනද ඇතැම් පුද්ගලයන් අභියෝග ජයගනු ලබන්නේ ලොවම විශ්මයට පත් කරමින්.ඒ අයුරින් පානීය ජලය අහිමි ගම්මානයකට වසර 36ක් පුරා ක්ශේෂ කන්දක් කපා දමමින් අවසානයේදී ජලය හිමි කර දුන් විශිෂ්ඨයෙකු පිළිබද චීනයයෙන් වාර්ථා වනවා.චීනයේ ගීශු පලාතේ හුවාන් ඩාෆා නම් ගම්මානය පාණීය ජලය අහිමි ගම්මානයක් බවට පත්ව තිබූ අතර ඒ හේතුවෙන් සියවස් ගණනාවක් පුරා ගම්වාසීන් පීඩාවට පත්ව තිබුණා.එහෙත් ගම්මානයට ඉහලින් දැවැන්ත පාෂානමය ක්ශේෂ කදු 3ක් පැවති අතර එහි අවසන් කදු මුදුනේ පිරිසිදු ජලය පිරි විශාල ජලාශයක් පවතිනවා.ගම්මානයේ සිට කිලෝමීටර 10ක් දුරින් මෙම කන්ද මුදුනේ ජලාශය පිහිටි බැවින් එයින් ජලය ලබාගැනීම සදහා කන්ද තරණය කිරීමටයි ගම්වාසීන්ට සිදුව තිබුනේ.එය අතිශය දුශ්කර මෙන්ම අවදානම් කාර්‍යක් වූ අතර වතුර පනිට්ටුවක් ගෙන ඒම සදහා මෙවන් කන්දක් තරණය කිරීම පල රහිත ක්‍රියාවක් බවට පත්ව තිබුණා.එහෙත් වසර 36කට පෙර විශිෂ්ඨ මිනිසෙකු තම ගම්මානයට ජලය ලබාගැනීමේ උත්සාහායක් ආරම්භ කල අතර එය බොහෝ දෙනෙකු හාත්ස්‍යට ලක් කරන්නක් වුණා.යුගෝන් නැමැති මෙම තැනැත්තා පලමු කදු පන්තියේ පහල සිට පාශාණ කන්ද හරහා කාණුවකට සමාන අගලක් කනින්නට වූ අතර ක්‍රමයෙන් එය 3න්වන කන්ද දක්වාම සකස් කිරීමට ඔහුට ගත වූ කාලය වසර 36ක් තරම් දීර්ග වුණා.එතෙක් මෙතෙක් කාලයේදී වෙනත් කිසිවෙකුගේ උපකාර ඔහු මේ සදහා ලබා නොගත් අතර වසර 36කට පසුව 3න්වන කන්දේ ජලාශයේ සිට ගම්මානය දක්වා දිය අගලක් නිර්මාණය වී තිබුණා.දැවැන්ත්ය කන්දේ කාණුවක් ආකාරයට සිදු කල කැනීමකින් පසු සිමෙන්ති යොදාගනිමින් මෙම දිය අගල සකස් කර තිබූ අතර එය අතිශය පිරිසිදු එකක් බවටයි පත් කර තිබුණේ.අවසානයේ කදු මුදුණේ ජලාශය සහ දිය අගල එකිනෙක හා සම්බන්ද වූ අතර එයින් පිරිසිදු ජලය දිය අගල දිගේ ගම්මානය වෙත ගලා ඒම ආරම්භ වුණේ මෙම මිනිසාගේ විශිෂ්ඨත්වය සියල්ලන්ටම අවබෝධ කරමින්.දිය අගලින් ගලා එන ජලය ගම්මානයේ ඉදි කල කුඩා ජලාශයක් හරහා එක්‍රැස් කරගනිමින් මුලු ගම්මානයටම පානීය ජලය ලබාදීමට යුගෝන් කටයුතු කර තිබෙනවා.පලලින් කුඩා මෙම ඇල මාර්ගය කිලෝමීටර හත හමාරක් තරම් දීර්ග වන අතර එය පාෂාණ කැන පසුව සිමෙන්ති දමා සකස්කරණ කටයුතු සියල්ලම මෙම විශිෂ්ඨ මිනිසාගේ දෑතින් පමණක් සිදු කිරීම විශිෂ්ඨත්වයක්.කෙසේ වෙතත් පසු කලෙක මෙම දිය අගල නිරීක්ෂණය කල පර්යේශකයක් සදහන් කර තිබුණේ එය සාමාන්‍ය මිනිසෙකු විසින් ඉදි කල එකක් බව විශ්වාස කල නොහැකි බවයි.කිලෝමීටර හතහමාරක් තරම් දිගට කිලෝමීට 3ක් උස කන්දක් දක්වා මෙවන් අගලක් නිර්මාණය කිරීමට සිතීම පවා විශිෂ්ඨ බවයි ඉන්ජිනේරුවන් පවසන්නේ.අද වනවිට මෙම කුඩා ගම්මානය පානීය ජල අර්බුදයකට කිසිදා ලක් නොවන ගම්මානයක් නොවන අතර යුගෝන් නැමති මෙම විශිෂ්ටයා එහි අමරණීය මිනිසෙකු බවට පත්ව සිටිනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *