simple hit counter ඔස්ට්‍රේලියාවේ රැකියා වර්ග 117කට පුරවැසිභාවය - Hirugossiplanka.com

ඔස්ට්‍රේලියාවේ රැකියා වර්ග 117කට පුරවැසිභාවය

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාගැනීමට සහ පුරවැසිභාවයට අදාලව නව අවස්ථා පිළිබද යටතේ ඕස්ට්‍රේලියාවේ රජය හදුන්වාදෙන නවතම ක්‍රමවේදයක් පිලිබදයි මේ ඔබට කියන්න යන්නේ.ඕස්ට්‍රේලියාවේ Northern Territory කලාපයේ පවතින පුහුණු ශ්‍රම හිගය වැලැක්වීම සදහා විදෙස් ශ්‍රමිකයන්ට එම කලාපයන්ට පිවිසීමට අවස්ථාව ලබාදෙනවා.එම අවස්ථාව ලබාදෙන්නේ Northern Territory D.A.M.A වැඩසටහන යටතේයි.මෙහි පලමු අදියර යටතේ රැකියා 117ක් මේ වන විට නිවේදනය කරනු ලැබ තිබෙනවා.මේ පිලිබදව අදහස් දක්වන ඕඅට්‍රේලියානු ආගමන කටයුතු පිලිබද අමාත්‍ය ඩේවිඩ් කෝල්මන් පවසන්නේ D.A.M.A වැඩසටහන යටතේ Northern Territory වෙත පැමිණෙන සංක්‍රමිකයන්ටද පුරවැසිභාවය පිරිනමන බවයි.මෙම රැකියා අතරට ගිණුම්කරණ අංශය, කාර්මික, නිෂ්පාදන, බස් රථ රියදුරු, අවන්හල් කලමණාකාර, අරක් ඇමි, රියදුරු, පර්යේෂක, බර වාහාන යන්ත්‍ර ක්‍රියාකරු, හෝටල්, අලෙවිකරණ, ඖෂධ සංයෝජන, නාවික, ආපනශාලා සේවා, පරිඝනක රැකියා ඇතුලත් වනවා.business.nt.gov.au යන වෙබ් අඩවිය විසින් රැකියා ලැයිතුව නිවේදනය කල අතර මෙම රැකියා ලබාගත හැකි වන්නේ ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේෂ වෙත පමණයි.මේ පිලිබද පැහැදිලි කරන Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු අමාත්‍ය සෙලීනා උයිබෝ පවසන්නේ මෙම රැකියා අයදුම් කල හැකි වන්නේ employer sponsored visa යටතේ පමණක් බවයි.ඒ අනුව independent visa යටතේ හිමි නොවන බැවින් මෙම ලයිස්තුවේ ඔබගේ රැකියාව පැවතියද ඒ සදහා සෘජුව අයදුම් කිරීමට හැකි වන්නේ නැහැ.ඒ අනුව මෙම කාන්ඩය හරහා ඕට්‍රේලියාවට පිවිසීමට ඔබ අපේක්ශා කරන්නේ නම් එරට Northern Territory කලාපයේ සේවා යෝජකයෙකු අනුග්‍රහය දැක්වීමට එකගතාවය පලකල යුතු වනවා.ඒ වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ එම කලාපයේ රැකියාව අයදුම් කිරීම හෝ ඕස්ට්‍රේලියාවේ එම කලාපයේ වෙසෙන ලාංකිකයෙකුගේ සහය ලබාගැනීමටයි අවස්ථාව පවතින්නේ.එය සාර්ථක වුවහොත් කිසිදු බාදාවකින් තොරව ඕස්ට්‍රේලියාවට පිවිසීමට ඩී.ඒ.එම්.ඒ. නව වැඩසටහන යටතේ අවස්ථාව ලබාදෙනු ලබනවා.කෙසේ වෙතත් මේ සදහා අයදුම් කිරීමේදී ඕස්ට්‍රේලියානු රජයේ නිළ වෙබ් අඩවි පරිෂා කිරීම සහ අතරමැදියන්ට නොරැවටීමද දැඩිව සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙසයි හැදින් විය හැකි වන්නේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *