simple hit counter නොමිලේ ජපන් රැකියාවකට යන්න - Hirugossiplanka.com

නොමිලේ ජපන් රැකියාවකට යන්න

ජපානය සැලකෙන්නේ ලොව දියුණුතම රටක් ලෙසයි.එසේම ලොව සුන්දරතම රටක් ලෙසද ජපානය නම් කෙරෙනවා.ඒ අනුව ජපානයේ රැකියා අවස්තාවක් හිමිකර ගැනීම දියුණු ජීවන මට්ටමක් අත්කරගත හැකි අවස්ථාවක් ලෙස සැලකෙන අතර එය පහසු කරුනක් ලෙස මෙතෙක් සැලකුනේ නැහැ.කෙසේ වෙතත් මේ වන විට ලාංකිකයින්ට කිසිදු ගාස්තුවකින් තොරව නීත්‍යානුකූලව සහ පහසුවෙන් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාගැනීමට හැකියාව පවතින බවට ඔබ මෙතෙක් දැන සිටියාද?මේ විදේශ සේවා නියුක්ති කාර්යාන්ශය විසින් හිමිකර දී ඇති එම සුවිශේෂ අවස්ථාව පිළිබද අනාවරනය සහ එම අයදුම්පත් ලබාගන්නා අකාරය පිළිබදයි.විදේශ සේවා නියුක්ති කාර්යාන්ශය විසින් ජපානයේ රැකියා සදහා ලාංකිකයන් යොමු කිරීම මේ වන විට ආරම්බ කර තිබෙනවා.එහි දී කිසිදු ගාස්තුවක් අය නොකරමින් මෙම රැකියා අවස්ථා ලබාදීම විශේශත්වයක් වනවා.මැදපෙරදිග රටවලදී ලාංකිකයින් බොහෝ දෙනෙකු දැඩි දුෂ්කරතා මැද රට වෙනුවෙන් සේවය කරන අතර ඇතැම්විට ඔවුන්ගේ ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා හදුනාගත හැකියි.එහෙත් ජපානය වැනි ලාංකිකයින්ට සමීප රටකට සේවය සදහා යා හැකි නම් එය අගනා අවස්ථාවක් වන අතර මේ එහි පලමු අදියර යටතේ අයදුම් කල හැකි රැකියා අවස්ථා පිළිබදයි.ඒ අනුව ජපානයේ සාත්තු සේවක සේවිකා රැකියා සදහා අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්බ කර ඇති බවයි අපට දැනගන්නට ලැබුනේ.කාන්තා පිරිමි දෙපාර්ෂවයටම මේ සදහා අයදුම් කල හැකි අතර මෙම සියලු බදවාගැනීම් සිදු කරන්නේ තමන් පමනක් බව විදේශ සේවා නියුක්ති කාර්යාන්ශය අවදාරනය කරනවා.ජපානයේ රැකියා සදහා අයදුම් කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයසේ විය යුතු වනවා.එසේම අපොස උසස්පෙල දක්වා අද්‍යාපනය ලබා තිබීමද අනිවාර්‍ය වන බවයි විදේෂ සේවා නියුක්ති කාර්‍යාන්ශය නිවේදනය කලේ.අයදුම් කරුවන්ගේ උස අවම වශයෙන් අඩි 5ක් වීමද අත්‍යවශය වනවා.ඒ අනුව මෙම අවම සුදුසුකම් සහිත පිරිස්වලට ජපානයේ රැකියා සදහා කාර්යාන්ශයේ ලියාපදිංචි විය හැකි වනවා.මේ අතර ජපානයේ ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයන් සදහාද ලාංකියන්ට රැකියා අවස්ථා හිමිව තිබෙනවා.එම අංශයේ වසර 3ක පලපුරුද්ද සහිත ලාංකිකයන්ටයි මෙම අවස්තාව ලබාදෙන්නේ.මේ සදහාද කිසිදු අයකිරීමක් සිදු නොකරන අතර බදවාගැනීම් සිදු කරන්නේ කාර්යාන්ශය මගින් පමණයි.මේ අතර ජපානයේ රැකියා සදහා තෝරාගැනීමේදී ජේ එල් පී ටී 4 හෝ එන් ඒ ටී 4 මට්ටමේ ජපන් භාශා ප්‍රවීනතාවයක් තිබීමද සලකා බැලෙන කරුණක් ලෙසද දක්වා තිබෙනවා.ඉදිරියේදී ජපානයේ රැකියා අවස්ථා විවිධ අංශවලට අදාලව මෙරටට ලබාදීමට එකගතාවය පලව ඇති බැවින් මැදපෙරදිග වෙනුවට ජපානයේ වැඩි අවස්ථාවක් ලාංකිකයන්ට හිමි වන බවට සදහන් වනවා.ඒ අනුව ඔබටත් ජපානයේ රැකියා සදහා අයදුම් කිරීමට අවශ්‍ය නම් ලියාපදිංචි තැපෑලෙන් අලෙවිකරණ සහ බදවාගැනීම් සාමාන්‍ය අංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යාන්ශය, අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයට අයදුම්පත් යොමු කල හැකියි.0112791814 යන ෆැක්ස් අංකයටද අයදුම් පත් යොමු කල හැකි වනවා.ජපානයේ රැකියා අවස්ථා සම්බන්දයෙන් පවතින ඉදිරි නීත්‍යානුකූල තොරතුරු අප වෙබ් අඩවියෙන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *