simple hit counter අමෙරිකාවේ පදිංචියට ග්‍රීන් කාඩ් කැදවීම ඇරඹෙයි - Hirugossiplanka.com

අමෙරිකාවේ පදිංචියට ග්‍රීන් කාඩ් කැදවීම ඇරඹෙයි

අමෙරිකාව පිලිබද කවර මතවාද පැවතියද එරට තවමත් සලකනු ලබන්නේ ලෝකයේ බලගතුම දේශය ලෙසයි.එරට පුරවැසිභාවය ලබාගැනීමට හෝ එරටට සංක්‍රමනය වීමට බොහෝ දෙනෙකු උත්සාහා කලද එය ඉතා අසීරු කරුනක් බවටයි පත්ව පවතින්නේ.එහෙත් වාර්ශික ග්‍රීන් කාඩ් ක්‍රමවේදය හරහා නොමිලේ අමෙරිකානු පුරවැසිභාවය ලබාදීම අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.ඒ අනුව 2021 වසරට අදාලව නොමිලේ අමෙරිකානු පුරවැසිභාවය ලබාදීමට අදාල ග්‍රීන් කාඩ් අයදුම්පත් කැදවීම මේ වන විට ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරන්නේ.මේ කිසිදු ගාස්තුවකින් තොරව අමෙරිකානු පුරවැසිභාවය අයදුම් කල හැකි ග්‍රීන් කාඩ් අයදුම්පත්‍රය පිලිබද නවතම තොරතුරු එකතුවයි.2021 වසරේදී පුද්ගලයන් 55,000 කට අමෙරිකානු පුරවැසිභාවය ලබාදීම සදහායි මෙම අයදුම්පත් කැදවීම සිදුවෙමින් පවතින්නේ.නොවැම්බර් 05 වනදා දක්වා ඒ වෙනුවෙන් අයදුම් කල හැකි අතර ඒ සදහා කිසිදු ගාස්තුවක් ගෙවිය යුතු වන්නේ නැහැ.මේ සදහා අයදුම් කිරීමට අවම වශයෙන් උසස්පෙල විභාගය සමත්ව තිබිය යුතු අතර වසර 05ක යම් සේවා පලපුරුද්දක් තිබීමද අත්‍යවශ‍ය වනවා.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිස එහි begin entry යටතේ අයදුම්පත්ත්‍රය සම්පූර්ණ කල හැකියි.එහි දී මාස 06ක් තුල ලබාගත් තමන්ගේ වර්න චායාරූපයක් බිරිදගේ හෝ සැමියාගේ සහ දරුවන්ගේ චායාරූපය බැගින්ද ඇතුලත් කල යුතු වනවා.එම චායාරූප වල හිස 22mm සහ 35mm ප්‍රමාණ වලින් සමන්විත විය යුතුයි.එසේම එම ඡායාරූපයේ ප්‍රමාණය අගල් 2×2 ප්‍රමානයෙන් පැවතිය යුතු වනවා.අමෙරිකානු ග්‍රීන් කාඩ් ක්‍රමය යටතේ ජයග්‍රහාකයන් තෝරාගනු ලබන්නේ සුදුසුකම් අනුව නොව අහබු ලෙස වනවා.එබැවින් අවම සුදුසුකම් සහිත ඕනෑම අයෙකුට අමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමට මෙමගින් අවස්තාව හිමි වන භවයි අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ.ඒ වෙනුවෙන් කිසිදු අතරමැදි පාර්ෂවයකට කිසිදු මුදලක් ගෙවීමෙන් පලක් නොමැති බවද තානාපති කාර්යාලය සදහන් කලා.පුද්ගලයෙකුට ග්‍රීන් කාඩ් සදහා යොමු කල හැකි වන්නේ එක් අයදුම් පත්ත්‍රයක් පමනයි.එකකට වඩා අයදුම්පත් කරන්නන්ගේ සියලු අයදුම්පත් ප්‍රතික්ශේපවීමද මෙහිදී සිදුවනවා.මේ වෙනුවෙන් අන්තර්ජාල අයදුම්පත් පුරවා යොමු කල පසු විශේශිත අංකයක් ලබාදීමටයි එම වෙබ් අඩවිය පියවර ගනු ලබන්නේ.2020 වසරේ මේ වෙනුවෙන් තොරාගනු ලැබූ පුද්ගලයන් නිවේදනය කරන අතර එදිනට ඉහත වෙබ් අඩවියට පිවිස තමන්ගේ අංකය යොදා අමෙරිකානු පුරවැසිභාවය සදහා සුදුසුකම් ලබා ඇත්දැයි දැනගත හැකියි.2021 වසරට අදාලව ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය සදහා ස්‍රී ලංකාවට අවස්තාව හිමිව තිබුනද රටවල් රැසකටම මෙවර එම අවස්තාව අහිමි වී තිබෙනවා.අසල්වැසි ඉන්දියාව සහ පකිස්තානය චීනය දකුණු කොරියාව බන්ග්ලාදේශය බ්‍රසීලය ඇතුලු රටවල් රැසක්ම එම අවස්තාව අහිමි වූ රටවල් ලයිස්තුවට ඇතුලත්.එබැවින් ඔබ මේ පිලිභදව උනන්දුවක් දක්වන්නේ නම් අමෙරිකානු ග්‍රීන් කාඩ් ක්‍රමවේදය සදහා අයදුම් කිරීමට ඔබටත් අවස්තාවක් පවතිනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *