simple hit counter බිරිද අහිමි කල කන්දෙන් පලිගත් වීර මිනිසා - Hirugossiplanka.com

බිරිද අහිමි කල කන්දෙන් පලිගත් වීර මිනිසා

ආදරය වෙනුවෙන් ටජ් මහලක් ඉදි කල සාජහාන් රජු පිලිබදව ඔබ අසා ඇති.එහෙත් රජෙකු නොවුනද අහිමි වූ සිය බිරිද වෙනුවෙන් වසර 22ක් පුරා දැවැන්ත කන්දක් තනිවම සමතලා කල ඉන්දියාවේ කදු මිනිසා පිලිබදව ඔබ අසා තිබුණාද?ඔහු නමින් දශරත් මන්ජි.ඉන්දියාවේ අඩු කුලයකට අයත් බව පැවසෙන පුද්ගලයන් වාසය කරන බිහාර් ප්‍රාන්තයට අයත් කලාපයකයි මෙම තැනැත්තා ජීවත් වී තිබුණේ.ඔහුගේ ගම්මානයට බලධාරීන් විසින් කිසිදු පහසුකමක් ලබාදී නොතිබුණේ ඔවුන් පහත් කුලයක පිරිසක් ලෙස සලකන නිසයි.මේ හේතුවෙන් ප්‍රධාන නගරයට යාමට ඔහුගේ ගම්මානයේ සිට කිලෝමීටර 55 ක පාගමනක නිරතවීමට සිදුව තිබුනා.එහෙත් ගම හරහා වැටී තිබූ දැවැන්ත කන්දක් තරණය කරමින් එම ගමනම කිලෝමීටර 15ක් තරම් කෙටිව ගමන් කිරීමටයි ගම්වාසීන් හුරුව සිටියේ.දිනක් එසේ කන්ද හරහා යමින් සිටි මෙම තැනැත්තාගේ බිරිද පය පැටලී කන්දෙන් ඇද වැටෙන අතර දින කීපයකට පසු ඇය මරණයට පත් වුණා.තමන් දැඩිව ආදරය කල මරණයෙන් ශෝක වන දශරත් මන්ජි එම දැවැන්ත කන්ද ඉදිරියට ගොස් දිවුරා තිබුණේ තමන්ගේ බිරිද මැරූ පලිය ගන්නා බවයි.අනතුරුව ගයා දිස්ත්‍රික්කයේ පිහිටි එම කන්ද කැපීම ඔහු තනිවම ආරම්බ කරන්නේ බොහෝ දෙනෙකුගේ උපහාස මැදයි.එහෙත් නොසැලුනු මෙම මිනිසා වසර 23ක් පුරා දිවා රෑ නොතකා මෙම කන්ද කැපීමේ නිරත වන අතර අවසානයේ අත්වන්නේ කිසිවෙකු අපේක්ෂා නොකල ප්‍රථිඵලයක්.ඒ අඩි 360ක් දිගකින් සහ අඩි 25ක් පලලකින් යුතු වූ දැවැන්ත කන්ද අතුරුදන් වීමයි.ඒ දශරත් මන්ජිගේ තනි උත්සහයක ප්‍රථිඵලයක් ලෙසයි.ඒ වෙනුවට අඩි 30ක් පලල මාර්ගයක් නිර්මාණය කරන දශරත් මන්ජි ප්‍රධාන නගරයට යාමට තිබූ කිලෝමීටර 55ක දුර කිලෝමීටර 15ක් බවට පත් කරන්නේ සිය පලි ගැනීම සම්පූර්ණ කරමින්.මෙතෙක් කන්ද හේතුවෙන් ගම්වාසීන් නොදකින ලෝකය අද ඔවුන්ට මෙම මිනිසා විසින් විවර කර දී තිබෙනවා.මිටියක් සහ කපන කටුවක් සමගින් පමණක් කන්දක් හා ගැටුණු මෙම මිනිසා අද වන විට ඉන්දියාවේ විශිශ්ථයෙකු ලෙස නම් කර තිබෙනවා.ඔහු 2007 වසරේදී මියගියද ඔහු ඉදි කල මාර්ගය අදටද ලෝකයට පෙන්වන්නේ ඩෛර්‍‍යයේ සහ ආදරයේ බලගතුකමයි.ඒ හේතුවෙන්ම එම කන්ද පැවති භූමිය ආසන්න්නයේ මෙම ඩෛර්‍‍යසම්පන්න මිනිසාගේ ප්‍රතිමාවක් ඉදි කර තිබෙනවා.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *