simple hit counter නෞකා හා හෙලිකොප්ටර් හිමි සුපිරි ශ්‍රී ලාංකිකයා - Hirugossiplanka.com

නෞකා හා හෙලිකොප්ටර් හිමි සුපිරි ශ්‍රී ලාංකිකයා

රටක ධනවතුන් වර්ධනය වීම එම රටට වාසිදායක තත්වයන් රැසක්ම අත්කරනු ලබනවා.එසේ අසීරු ගමනකින් ජීවිතය දිනා අද වන විට නෞකා රැසක් සහ හෙලිකොප්ටර් යානා රැසකද හිමිකාරීත්වය දරන ලාංකිකයෙකු පිලිබදව ඔබ මෙතෙක් දැන සිටියාද?ඔහු නමින් ආතර් සේනානායක මහතායි.භාන්ඩ ප්‍රවාහනය කරන නෞකා හෙලිකොප්ටර් යානා මෙන්ම පුද්ගලික ගුවන්යානා ගොඩ බැස්සවීම සදහා පර්යන්තයක්ද හිමි එකම ලාංකිකයා වන්නේද ආතර් සේනානායක මහතායි.එසේම ලොව ප්‍රකට Porsche, Volvo ආදී සුපිරි මෝටර් රථ මෙරටට ගෙන්වා බෙදාහැරීමද සිදුවන්නේ ඔහුගේ ආයාතන තුලිනුයි.කුඩා සමයේදී සුරතල් මසුන් ඇති කර අලෙවි කිරීමෙන් මුදල් සොයාගැනීමට හැකිවීම සමග තමන්ට ව්‍යාපාර කිරීම කෙරෙහි දැඩි ආශාවක් මෙන්ම උනන්දුවක්ද නිර්මාණය වූ බව ආතර් සේනානායක මහතා පවසනවා.එකල හොදම මිතුරා විසින් තම අතට තම සෙවනැල්ල යනුවෙන් තමන්ට කල ප්‍රකාශයක් තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කල බවද මෙම සුප්‍රකට ව්‍යාපාරිකයා පවසනවා.උසස් අද්‍යාපනය වෙනුවෙන් යුරෝපයට ගිය ඔහු එහිදී තාක්ෂණික ඉන්ජිනේරු අන්ශයේ රැකියාවක නිරත වී තිබූ අතර උදේ 8 සිට රාත්‍රී 10 තෙක්ම දැඩි කැපවීමකින් එහිදී සේවය කල බවත් සේනානායක මහතා හෙලි කරනවා.එම කැපවීම හේතුවෙන් ඔහු දිනෙන් දිනම දියුණු වූ අතර ඒ අනුව අදාල ජර්මානු සමාගමේ රටවල් 12ක වගකීම ඔහුට පැවරීමටයි පියවරගෙන තිබුනේ. එහෙත් ලංකාවට පැමින තමන්ගේ ගමණක් යාමට අවශ්‍යතාවය තිබූ බැවින් එම සමාගමට සමු දුන් බවද සේනානායක මහතා සදහන් කරනවා.1992 වසරේදී සෙල්ටෙල් මොබයිල් ආරක්ෂන ලංකාවට හදුන්වා දුන් ඔහු ඒ.ආර්.ටී රූපවාහිනී නාලිකාවද නිර්මානය කර තිබුණා.එමෙන්ම BMW ලංකාවට හදුන්වා දුන් ඔහු ඒ වෙනුවෙන්ද සමාගමක් නිර්මාණය කිරීමටයි පියවර ගෙන තිබුණේ.අනතුරුව ලොව සුපිරිතම මෝටර් රථ මෙරටට ගෙන්වීමේ සමාගමක් බිහි කල මෙම සුපිරි ව්‍යාපාරිකයා IWS සමාගම යටතේ හෙලිකොප්ටර් යානා සහ නෞකා රැසක්ද හිමි කරගනු ලැබුවේ දීර්ග ගමණක් ආරම්භ කරමිනුයි.ඒ අනුව අද වනවිට හෙලිකොප්ටර් යානා 10ක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා 37ක්ද ඔහුගේ ආයතන තුල ක්‍රියාත්මක වනවා.ඒ දැවැන්ත ආර්ථික ප්‍රතිලාබයක් හිමිකර දෙමිනුයි.මෙම නැවු වල භාණ්ඩ ගබඩා කිරීමට කන්ටේනර් පර්යන්තයක් මෙන්ම එම නෞකාවන් අලුත්වැඩියා කිරීමේ සේවාවක්ද මෙම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන යනු ලබනවා.එදා 500$කින් තමන් ආරම්භ කල ගමන අද වන විට දීර්ග ගමණක් බවට පත්ව තිබීම පිලිබද නිහතමානීව ආඩම්බර වන බවයි ඔහු පවසන්නේ.රට දියුණු කිරීමට නම් හොද අද්‍යාපනයක් ලබාදීම විනය ගරුක වීම අවන්ක වීම යන කරුණු සම්පූර්ණ කල යුතු බවයි මෙම සුපිරි ව්‍යාපාරිකයා සදහන් කරන්නේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *