simple hit counter පතුලක් නැති ලංකාවේ ලිද - Hirugossiplanka.com

පතුලක් නැති ලංකාවේ ලිද

ලෝකයේ විශ්මයක් ලෙසින් සැලකෙන පතුලක් නොමැති ස්වාභාවිකව සකස් වූ ලිදක් මෙරට තුල පවතින බව ඔබ අසා තිබුනාද?ඇතැම්විටක නාවක්කන්නි ලිද යනුවෙන් ඔබ අසා තිබුනද එහි විශේශත්වය පිළිබදව ඔබ නොදැන සිටින්නට ඇති.යාපනයේ සිට වැල්වටිතුරෙයි දක්වා යන අතරමගදී නිලාවරි ගම හමුවන අතර චුන්නකම් හන්දියෙන් හැරී මෙම ගම්මානයට ගමන් කල හැකියි.දුම්කොල වගාවෙන් මෙන්ම ගොවිතැනින් ජීවත්වන දෙමළ ජනතාව වාසය කරන මේ ප්‍රදේශය පුරා පැතිර ඇත්තේ සරුසාර පොලෝතලයක්.එම ගම්මානයේ පිහිටි නාවක්කන්නි ලිද අයත් සීමාව අඩි 50ක් පමණ සාමාන්‍ය දිගකින් හා පලලකින් යුක්ත වනවා.එම ලිද වටකර ලිං බැම්මක් ඉදි කර ඇති අතර එක් පැත්තකින් ලිදට බැසීමට පඩිපෙලක් සකස්කර තිබෙනවා.එම පඩිපෙල දිගේ අඩි 20ක් පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට ගමන් කල හැකියි.නාවක්කන්නි ලිද මිනිස් ශ්‍රමයෙන් හාරා ඇති බවට සාධක නොපවතින අතර ජනප්‍රවාද වලට අනුව නිල් දිය පිරුණු පිරිසිදු ජලය සහිත මෙම ලිදෙහි ඉතිහාසය ක්‍රි.පූ.යුගය දක්වා අතීතයට දිව යනවා.මහා භාරතයේ කියවෙන රාම රාවන යුද්දයෙන් පසු යලි ගමන් කරමින් සිටි රාම සීතා යුවල යාපනය නිලාවරිගම ප්‍රදේශයද නතර වී සිටි බව කියවෙනවා.එහි දී සීතා දේවියට දිය පිපාසයක් ඇතිවීම හේතුවෙන් රාම කුමරු දිය ලබාගැනීම සදහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන ජලය මතු කරගත් ස්ථානය නාවක්කන්නි ලිද ලෙසයි ජනප්‍රවාද වල පැවසෙන්නේ.එමෙන්ම බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමකිරීමෙන් පසුව මෙම ස්ථානයේද මද විවේක ගත් බවට විශ්වාසයක් පවතිනවා.බුදුන් වහන්සේට පැන් සැකසීම සදහා බුද්ධානුභාවයෙන් මෙම ළිද නිර්මාණය වූ බවද තවත් මතයක දැක්වෙනවා.කෙසේ වෙතත් මෙම ස්ථානය අවට බෞද්ධ විහාරයක නටඹුන් දක්නට ලැබෙන අතර එහි තිබූ බුදු පිළිමය යාපනය කෞතුකාගාරයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.මෙම නාවක්කන්නි ලිද සමීපව වර්ථමානයේදී කුඩා හින්දු දෙවොලක් ඉදි කර ඇති අතර ප්‍රදේශවාසී හින්දු බැතිමතුන් ඊට පුද පූජා පවත්වනු ලබනවා.මීට කලකට පෙර අමෙරිකානු ජාතික පිරිසක් විසින් මෙම ලිද සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කර තිබුණා.එහි දී අඩි 280ක් ගමන් කරන තුරුම එහි පතුලක් සොයාගැනීම නොහැකි වූ බවයි ප්‍රකාෂ වන්නේ.නාවක්කන්නි ලිද ජලය ගලා එනු ලබන්නේ මහ පොලොව යටින් ගලා යන ගංගාවකින් වන අතර කිලෝමීටර 300ක් පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගගේ ජලයත් මෙම ලිදේහි ජලයත් එක සමාන බවයි ප්‍රකාශ වන්නේ.ඒ හේතුවෙන් විශ්වාස කෙරෙන්නේ සුදු ගගේ ජලය මෙම අරුමපුදුම ලිදට උල්පත වී ඇති බවයි.කන්කසන්තුරේ පාරේ කන්හලෙයි පාරෙන් හැරී යන විට ඓතිහාසික කීරමලෙයි පොකුනෙන් මුහුදට ගලා යන්නේ මෙම නාවක්කන්නි ලිදෙහි ජලය බවට විශ්වාශ කෙරෙනවා.නාවක්කන්නි ලිදේහි දිය කපා පොල් කැබලි දෙහි කැබලි ආදිය දැමූ විට එම ද්‍රව්‍ය කීරමලෙයි පොකුණෙන් හමුවන බව ජනතාව විශ්වාස කරන්නේ ඒ හේතුවෙනුයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *